Posts

Showing posts from May, 2021
Image
  මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් අපේ රටේ බිහි වුණු විශිෂ්ටතම ප්‍රාඥයෙක් සහ ප්‍රාමාණික බුද්ධිමතෙක්. ඔහු ලියූ පොතපතින් එදා තරමට ම අදත්, හෙටත් පාඨකයින් පෝෂණය වෙනවා. ඔහුගේ නම මඟ හැර සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරන්නට පවා නොහැකියි. හෙළයේ මහා ගත්කරු නමින් ඔහු විරුදාවලිය ලබා තියෙන්නෙත් සාහිත්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය හේතුවෙන්මයි. ඉතින් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ 131 වැනි ජන්ම සමරුව , 2021 මැයි 29 දාට යෙදෙනවා. මේ ඒ වෙනුවෙන් ඔහුගේ ජීවිත ගමන ගැන අපි තබන සටහනක්. බාල විය මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් උපත ලැබුවේ 1890 මැයි 29 වැනිදා කොග්ගල මලලගම දී. සොයුරියන් නව දෙනෙකුගෙන් යුතු පවුලේ එක ම පිරිමි දරුවා වුණේ ඔහුයි. මුලින්ම අන්දිරිස් නම් ගුරුන්නාන්සේ කෙනෙකුගෙන් අකුරු ඉගෙනීමට ගිය ඔහු පසුව ගමේ පන්සලෙන් සහ ගාල්ලේ බොනවිස්ටා පාසලෙන් අධ්‍යාපනය ලබනවා. ඒත් පියාගේ අභාවයත් සමග ආපු ආර්ථික අගහිඟකම් නිසා වයස අවුරුදු දොළහේදී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පාසල් ගමන නවතිනවා.පසුව කොග්ගල ධීරානන්ද හිමියන් වෙතින් සිංහල, පාලි සහ සංස්කෘත ඉගෙනගන්නට පටන්ගන්නා ඔහු, ‘බාලෝපදේශය’ නමින් සිය ප්‍රථම පොත ලියා පළ කළා. ඒ 1903 දී...